මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනජීවිතය සමෘද්ධිමත් කිරිමට හැකියාව ඇත්තේ වත්මන් රජයටයි

    දෙසැම්බර් 01, 2015

    යහපත් රාජ්‍යයක් සතු සියළු යහපත් දේ ස්ථාපිත කිරීමට පරිසරය නිර්මාණය කර තිබෙනවා.ජනජීවිතය සමෘද්ධිමත් කිරිමට හැකියාව වඩාත්ම ඇත්තේ වත්මන් රජයට යැයි දක්ෂිණ සංවර්ධන,නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (01) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයේ අඳහස් දක්වමින් මේ බව පැවසී ය.

    භෞතික සම්පත් ගොඩනැගීමට මේ අයවැය මඟින් කටයුතු කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ ප්‍රතිපත්තිය මත සිටින ස්ථිර සිටින නායකයෙන්. එතුමාට උවමනා කරන්නේ මේ ර‍ට ගොඩනැංවීමටයි. පසුගිය කාලේ වැරැදි කළ අයට දඩුවම් නොදෙන්නේ ඇයි කියා සමහරු ප්‍රශ්න කරනවා.

    සරත් ෆොන්සේකා මහත්තයා සිරගත කළ අයුරින් වගේ දඩුවම් දෙන්න අපට අවශ්‍ය නැහැ. නීතියේ රාමුව තුළ සිටයි අපි කටයුතු කරන්නේ. යහපත් රාජ්‍යයක් සතු සියළු යහපත් දේ ස්ථාපිත කිරීමට පරිසරය නිර්මාණය කර තිබෙනවා. ජනජීවිතය සමෘද්ධිමත් කිරිමට හැකියාව වඩාත්ම ඇත්තේ වත්මන් රජයටයි. මේ වැඩපිළිවෙළ නැවැත්වීමට අප සූදානම් නැහැ. අපි ආණ්ඩුවක් ලෙස මනා සංවිධානගත වෙමින් රට ගොඩනැංවීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya