මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන පනත ලබන වසර මුල දී සම්මත කරගන්නවා

    දෙසැම්බර් 01, 2015

    තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන පනත ලබන වසර මුලදී සම්මත කරගන්නා බව අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (01) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් මේ බව පැවසී ය.

     

    දූෂණ විරෝධි කටයුතු සඳහා ස්ථාවර හා ශක්තිමත් අයතනයක් ස්ථපිත කිරීමට අවශ්‍ය නීති රීති සකස් කර පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නවා. රටේ සියළු සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය සඳහා සංවර්ධන සම්බන්ධීකරණ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ආරම්භ කර තිබෙනවා.

     

    රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවක් සකස් කිරීම සඳහා මේ මුළු පර්ලිමේන්තුවම ව්‍යවස්ථාදායක මණ්ඩලයක් බවට පත් කරලීමේ යෝජනාව ද අප ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

     

    ආණ්ඩුවේ මාධ්‍ය අප දේශපාලන කර්යයන් සඳහා යොද ගෙන නැහැ. අතීතයේ අපේ කාර්යලයන් හී සේවය කරන නිලධරීන්ට පවා  ආණ්ඩුවේ මාධ්‍යයන්හි දොරවල් වසා දමා තිබුණා. පුද්ගලික මාධ්‍ය දැඩි පීඩනයකට ලක් කර තිබුණා. මාධ්‍යවේදීන් මරා දැම්මා. අතුරුදහන් කළා. අතපය කැඩුවා. මේ නිසා බොහෝ දෙනා රට හැර ගිය. සමහරු නිශ්ශබ්ද වුණා. නමුත් අද ඒ නිදහසත් අප උදා කර දී තිබෙනවා. සමාජය පුරා නිදහස හා ප්‍රජතන්ත්‍රවාදය අප විහිදුවා හැර තිබෙනවා යැයි ද අග්‍රාමත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya