මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික අරක්ෂාවට කිසිදු බලපෑමක් කිරීමට ඉඩ දෙන්නේ නෑ- ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 30, 2015

    ජාතික අරක්ෂාවට කිසිදු බලපෑමක් කිරීමට ඉඩ නොදෙන බවත් ජාතික අරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

    අද (30) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යොමු කළ සභාව කල්තබන අවස්ථාවේ
    යෝජනාවට පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

     

    රාජ්‍ය ආරක්ෂවට තර්ජනයක් වන ඇතැම් සංවිධාන කීපයක තහනම් ඉවත් කිරීම පිළිබඳවත් නාවික හමුදා කඳවුරකට ජාත්‍යන්තර සංවිධානයක් ඇතුළුවීම සම්බන්ධයෙන් කරුණු මතුකරමින් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සිය යෝජනාව ඉදිරිපත් කළේ ය.


    එල්.ටී.ටී.ඊ න් වැඩියෙන් ම බැටකැවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයන්. ජානක පෙරේරා, රංජන් විජේරත්න ඝාතනය වුණේ එල්.ටී.ටී.ඊ ය නිසයි.එක්සත් ජාතික පක්ෂය, සංවිධන නිදහස් කරලා ජාතික ආරක්ෂාවට විශාල බලපෑමක් කරලා කියනවා.එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුස්ලිම් කොන්ග්‍රසය ආදී පක්ෂ ගණනාවක් එකතු වී පිහිටවපු රජයක්.

    රජය තමයි තීන්දුව ගන්නේ. එක රැයකින් ගත්ත තීන්දුවක් නොවේ.හොඳට සොයා බලා,මේ සංවිධාන පිළිබඳව විමර්ශනය
    කර සංවිධාන අට නිදහස් කළේ.කදාවත් ජාතික ආරක්ෂවට බලපෑමක් කරන්න ඉඩ දෙන්නේ නෑ.ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දී වැඩකරන්නේ.

    2010 ජනාධිපතිවරණයට දින 06ක් තිබිය දී පුද්ගලයන් 140ක් නිදහස් කළා. 2012 පෙබරවරි මස තවත් 360ක් රට තුළට යැව්වා.අපි මේ අය නිදහස් කළේ නෑ. ඇප මත මුදා හැර තිබෙන්නේ. මසකට හතර වරක් වාර්තා කළ යුතුයි.ජාතික ආරක්ෂාවට බලපෑමක් කරන්න කිසිම ඉඩක් නෑ.රණවිරුවන් ආරක්ෂා කරන්න කටයුතු කරනවා. එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පිරිසක් නාවික හමුදා කඳවුරට යෑම ගැන කිව්වා.නාවික හමුදාව සමඟ සාකච්ඡා කළා. හංගන්න කිසිවක් නෑ. නාවික හමුදවට කිසිම ප්‍රශ්නයක් ඇතිවන ලෙස කටයුතු කර නැතැයි ද අමාත්‍යවරයා පිළිතුරු දෙමින් පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya