මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව නාගරික පුනර්ජීවන වැඩසටහනක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා

    නොවැම්බර් 30, 2015

    නව නාගරික පුනර්ජීවන වැඩසටහනක් මහනුවර,ගාල්ල ,ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන බව නගර සැලසුම් සහ ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    19 වන ආණ්ඩුක්‍රම සංශෝධනය මඟින් ඇති කරගත් විප්ලවීය වෙනස ගැන මුලින් ම කිව යුතුයි. මීට කලින්, අවුරුදු 10ක් දැක්ක ක්‍රමවේදය දැන් වෙනස් වෙලා තිබෙනවා.

     

    විශාල ප්‍රශ්නයක් තමයි අස්වැන්න අලෙවිකරගන්නට තිබෙන බාධකය. ඒ පිළිබඳව මීට පෙරත් ගබඩා කිරීමට මුදල් වෙන් කළත් සාර්ථකව ඉටු කළේ නෑ.මෙවරත් බිලියනයක් වෙන් කර තිබෙනව, විශාල ගබඩා සංකීර්ණයක් ඇති කිරීම සඳහා.

    නව නාගරික පුනර්ජීවන වැඩසටහනක් මහනුවර,ගාල්ල ,ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.  

    ලෝක බැංකුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මේ සඳහා මුදල් ලබා දෙනවා. බුද්ධි ගෝචර නගර සංවර්ධනය යටතේ නගර 10ක් සංවර්ධනය කිරිමටත් බලාපොරොත්තු වෙනවා.

    සිංගපුපුරුවේ ක්‍රමයට විශේෂඥ ඥානය ලබා ගනිමින් රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. මෙය පුද්ගලිකරණය කිරිම නෙවෙයි. රජය විසින් පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරමින් ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමටත් අරමුණු කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya