මැයි 12, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩා වැටුණු රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා

    නොවැම්බර් 30, 2015

    ජනවාරි අට වැනිදා මේ රටේ ඇති වූ ඓතිහාසික වෙනස නිසා,රටේ සෑම දෙයක්ම වෙනසකට ලක්වී තිබෙනවා. කඩා වැටුණු රටක් තිබුණේ. සැමදෙයක්ම නිවැරදි වෙලා,  රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා යැයි විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය.


    අමාත්‍යවරිය අද (30) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.


    ජනවාරි අට වැනිදා මේ රටේ ඇති වූ ඓතිහාසික වෙනස නිසා,රටේ සෑම දෙයක්ම වෙනසකට ලක්වී තිබෙනවා.පසුගිය කාලය පුරාවට ප්‍රජාතන්ත්‍රවාදය නැතිවෙලා, රටේ නීතිය විනාශ වෙලා, පොලීසිය දේශපාලනීකරණය වෙලා, රාජ්‍ය සේවය දේශපාලනීකරණය වෙලා, ආදායමක් නැති රටක් බවට පත්වෙලා, මුළු ලෝකයෙන් ම කොන් වූ ජාතියක් ලෙස ජීවත් වුණා.

     


    කඩා වැටුණු රටක් තිබුණේ. අද සැමදෙයක්ම නිවැරදි වෙලා,රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. පක්ෂ දෙකක නායකයෝ රට වෙනුවෙන් වැඩකරන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. මංගල අයවැය ඉදිරිපත් වනවිට රටේ ආර්ථිකයේ ද වෙනසක් ඇති වෙනවා. මෙවැනි සාර්ථක අයවැයක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා.

     

    අද වනවිට රටේ ජීවත්වන හැම පුද්ගලයකුගේ ම ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ හතර ඉක්මව තිබෙනවා. මුළු ලෝකයේ ම වෙනසක් ඇතිවන විට ගෝලීයකරණය වූ ආර්ථිකයක විවෘත ප්‍රතිපත්තියක් තුළ කටයුතු කරන විට, අපි වැසී ඉන්න බෑ.මේ රටට ආදයමක් එන ක්‍රමවේදයක් හදන්න, අපි කාලය සමඟ වෙනස් විය යුතුයි.

     

    මෙය ලබන වසර ගැන බලලා හදපු අයවැයක් නොවේ. අයවැයක් ඉදිරිපත් කරලා,කාගෙවත් හිත සංතෝෂ කරන්නේ නැතිව, අපේ ගම කේන්ද්‍රකරගත් සංවර්ධනයක්,ගමන මුදල් ලැබෙන ක්‍රමවේදයක් අයවැයෙන් සකස් කර තිබෙන්නේ.

     

    භාණ්ඩ 13ක මිල අඩු කිරීමක් කළා.ඒ ගැන කතාවක් නෑ. අපි නාස්තිය අඩු කළා. සෞඛ්‍ය වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. 2005 සිට 2014 වන තුරු තේවල සෙස් අරමුදලේ මුදල් කෝ?ඒවට උත්තර දෙන්න.තේ වෙළඳපොල හෙව්වද?එන වසරේ මේ කාලය වනවිට කුඩා තේ වතු හිමියාගේ අතට හැම අමු දළු කිලෝවකට අඩුම තරමින් රුපියල් 70ක් යන ක්‍රමයක් හදනවා''යැයි අමාත්‍යවරිය පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya