මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් අමාත්‍යවරයා සභාවේ පැහැදිළි ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා - ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා-නියෝජ්‍ය කතානායක

    නොවැම්බර් 30, 2015

    අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් සභාවේ පැහැදිළි ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල අද (30) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.


    2016 වර්ෂයේ දී අධ්‍යාපනයට අමාත්‍යාංශයේ වැයශීර්ෂය ව්‍යාජ ලෙස පෙන්වා සභාවට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන්
    සභාවේ විශ්වාසය සම්පූර්ණයෙන් අහිමිවී තිබෙනවා.අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරය කළ ප්‍රකාශය පිළිගත නොහැකි බැවින් මෙම වැය ශීර්ෂය කාරක සභාවට පෙර නිවැරදි කර ඉදිරිපත් කරන ලෙස ද එය සාධාරණීකරණය සඳහා විපක්ෂයේ කරුණු දැක්වීම සළසනු වස් කල්තැබීමේ විවදයක් ලබාදෙන ලෙස ද පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (30) පර්ලිමේන්තුවේ දී යෝජනා කළේ ය.

     

    මේ සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විරෝධය මතු කළ අතර වංචා සහගත ලෙස සඳහන් කිරීම වැරදි
    බවත් 17 (1) යටතේ නම් අපට දැනුම් දිය යුතු බවත් පාර්ලිමේන්තුවේ අවසරය ගත යුතු බවත් බවත් පැවසූ අතර මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කර නැතැයි සභානායකවරයා පැවසී ය.


    මෙහිදී පිළිතුරු දුන් නියෝජ්‍ය කතානයක තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ, 17 (1) යටතේ  මන්ත්‍රීවරයාට කරුණු ඉදිරිපත් කරන්නට අවසර දීම පුළුවන් බවය.


    අපි මෙයට විරුද්ධයි. හැමදාම උදේ පාර්ලිමේන්තුවේ වටිනා කාලය විනාශ කරනවා යැයි ද සභනායකවරය පැවසී ය.

     

    බන්දුල ගුණවර්ධන මන්ත්‍රිතුමගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.එයට හේතු කරණා දෙකක් තිබෙනවා. එකක්,මේ අවස්ථාවේ විවාදයක් වෙමින් පවතිනවා.ඒ වාගේම මේ සම්බන්ධයෙන් පැහැදිළි ප්‍රකාශයක් මුදල් අමාත්‍යතුමා විසින් සභාවේ ඉදිරිපත් කර තිබෙනවා'' යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ යෝජනාවට පිළිතුරු දෙමින් නියෝජ්‍ය කතානායකවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya