මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයන්ගේ ගෞරවය, නිදහස ඇති කර තිබෙනවා

    නොවැම්බර් 30, 2015

    රාජ්‍ය සේවකයන්ගේ ගෞරව, නිදහස ඇති කර තිබෙනවා. අපි දමා තිබෙන්නේ අත්තිවාරම පමණයි.අවුරුදු විස්සක ගමන ආරම්භ කර තිබෙනවා යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.


    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ
    විවාදයේ අඳහස් දක්වමිනි.

    ඒකීය රාජ්‍ය තුළ නිදහස් වෙළඳපොළ දර්ශනය නොවැම්බර් පහ ඉදිරිපත් කළා.ආරක්ෂාවට වැඩි ආයෝජනයක් කර තිබෙනවා.මුදල්
    අමත්‍යතුමා, අධ්‍යාපනයට, සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන් කර තිබෙනවා.

    වෙළඳපොල සමාජ ආර්ථිකයක් ගොඩනගන්න,අඩු ආදයම්ලාභීන් ආරක්ෂා කරන්න,පරිසරය ආරක්ෂා කරන්න අයවැයෙන් යෝජනා
    කර තිබෙනවා.

    කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව ඉහල ගොස් නෑ.පොහොර සහනාධාරය දීලා තිබෙනවා.අපි ඉන් බැහැරව යන්න ඕනෑ.අද
    පරිසරයට හනි වෙලා. වකුගඩු රෝගය හැදිල, මේ ක්‍රමවේදවලින්.ගොවියා රජ කරනව කියලා වැරදි ප්‍රතිපත්ති හදගෙන
    තිබුණා.


    අද අපට සිටින්නේ ගොවිපලින් මතු වූ ජනාධිපතිවරයෙක්.රාජ්‍ය සේවකයන්ට වාහන ලබාගන්න මුදලක් දෙනවා,වාහන බලපත්‍රයේ
    විනිවිදභාවයක් තිබුණේ නෑ.

    අපි තරුණ පරපුර ගැන කල්පනා කරන්න ඕනෑ.රට ඉදිරියට ගෙන යන්න නම් ඒ අයටගේ ආදායම වැඩි කරන්න ඕන. වෘත්තීය පුහුණුව
    දීලා තරුණයන් අගය එකතුකරන වැඩවලට යොදාගන්න ඕන. අධ්‍යාපනයට උසස් අධ්‍යාපනයට ප්‍රතිපාදන වැඩි කරල තිබෙනවා
    යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya