මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රශ්නවලට වැඩි අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් කතානායකවරයා සමඟ සාකච්ඡා කරනවා

    නොවැම්බර් 30, 2015

    පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්නවලට වැඩි අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් කතානායකවරයා සමඟ සාකච්ඡා කරන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේ ය.


    පාර්ලිමේන්තුවේ ප්‍රශ්න ඇසීමට මන්ත්‍රීවරු රාශියක් ප්‍රශ්න දී තිබෙනවා. ඒත් ප්‍රශ්න දෙකයි තිබෙන්නේ.ප්‍රශ්න ඇසීමේ අයිතිය ලබා නොදෙන්නේ ඇයිදැයි  අද (30)පාර්ලිමේන්තුවේ දී වාචික ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා, නියෝජ්‍ය කතානායකවරයගේ අවධානය යොමු කළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය කතානායකවරයා මේ බව පැවසීය.

     

    දැනට පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට යොමු කර තිබෙන කරුණු තමයි, ප්‍රශ්නවලට ඉදිරිපත් කර තිබෙන්නේ.මන්ත්‍රීවරු වෙනුවෙන් කළ ඉල්ලීම සාධාරණයි.මේ පිළිබඳව සාකච්ඡාවක් කතානායකතුමා සමඟ පවත්වා ප්‍රශ්නවලට අවස්ථාව වැඩි කිරීමට ක්‍රියාත්මක වන බව පිළිතුරු දෙමින් නියෝජ්‍ය කතානායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya