මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට වැසියන්ට ස්වෝත්සහයෙන් වැඩකරලා ඉදිරියට යන්න අවස්ථාව ලබාදෙමු

    නොවැම්බර් 30, 2015

    රට වැසියන්ට ස්වෝත්සහයෙන් වැඩකරලා ඉදිරියට යන්න අවස්ථාව ලබාදෙමු.මූලික යාන්ත්‍රණය වන්නේ වැඩකරන සමාජයයි,රජය නොවේ. අපි හැකියාවන් වැඩිදියුණු කරන්න ඕනෑ යැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    නියෝජ්‍ය  අමාත්‍යවරයා අද (30) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    මේ ප්‍රවේශය ඉතාම වැදගත් .බොහෝ දෙනා අයවැයේ දී වද විවාද කළා. තාර්කික විවේචනයක් ඉදිරිපත් වුණේ නෑ.එක්සත් ජාතික පක්ෂයට තිබුණා ආණ්ඩුවක් හදන්න. ඒත් ජාතික ආණ්ඩුවක් හදන්න අවශ්‍ය වුණා,දීර්ඝ කාලීන සමාජ ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් හදන්න.ඒ හරහා ඉදිරියට යනකොට සංවර්ධනය කරන්න හැකි බව අග්‍රාමාත්‍යතුමාත් ප්‍රකාශ කළා.


    අපගේ දර්ශනය ඉතාම පැහැදිළියි.අපට කොටසක් අල්ලාගෙන කෑගහන්න පුළුවන්කමක් නෑ. එහි ගැඹුර බලාපොරොත්තු වූ
    ප්‍රතිපත්ති කතා කළේ නෑ.තිරසාර සංවර්ධන මාර්ගයක් ඔස්සේ ඉදිරියට යා යුතුයි.ආර්ථික නිදහස, සමජ සහයෝගිතාවය සමතුලිත කරගන්න ඕන.අපි අවස්ථාව දෙමු. රට වැසියන්ට ස්වෝත්සහයෙන් වැඩකරලා ඉදිරියට යන්න, අවස්ථාව ලබාදෙමු. එයයි ක්‍රමය.අපි දියුණු වී තිබෙන්නේ ස්වෝත්සහයෙන්. අපි ඔවුන්ට ඒ පහසුකම් ලබාදෙමු.වෙළඳපොළ මූලධර්ම,ආර්ථික තරඟකාරීත්වය, සමාජ ප්‍රතිලාභ යාන ප්‍රායෝගික කැපකිරීම තුනක් තිබෙනවා.

    අඩු උද්ධමනයක් පවත්වාගෙන යන්න අවශ්‍යයි.මූල්‍ය පාලනය කිරීම තුළයි උද්ධමනය පහළ මට්ටමකට ගත හැක්කේ.වෙලඳපොළ න්‍යායටතොරතුරු අවශ්‍යයි.පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න ඕනෑ.මූලික යාන්ත්‍රණය වන්නේ වැඩකරන සමාජයයි. රජය නොවේ.හැකියාවන් අපි වැඩිදියුණු කරන්න ඕනෑ.ඒ සඳහා අයවැයෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා.

     

    තිරසාරත්වය රැදී තිබෙන්නේ ඵලදායිත්වය මතයි.සේවකයන්ගේ ගරුත්වය අවශ්‍යයි.රජයේ සේවකයා පමණ ද රටේ සංවර්ධනයට
    දායක වන්නේ. ඒ නිසා රාජ්‍ය පෞද්ගලික අංශ කියලා බලන්නේ නැතුව සියලු දෙනාටම විශ්‍රාම වැටුපක් ලැබීමට පුළුවන් බවද
    නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya