මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනයේ සම්මානයකින් පිදුම් ලබයි

    නොවැම්බර් 30, 2015

    පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ ප්‍රජාව වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ලබාදුන් සුවිශේෂී සහයෝගය සහ දායකත්වය උදෙසා පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනය විසින් ජනාධිපතිතුමා වෙත ඇගයීමේ සම්මානයක් පිරිනැමීය.

    පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනයේ සභාපති අහමඩ් අඩමු :(Ahamed Adamu) - මහතා විසින් පෙරේදා (28) මෝල්ටා රාජ්‍යයේදී ජනාධිපතිතුමා වෙත මෙම සම්මානය පිරිණමන ලදී.

    මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ සම්මේලනය නියෝජනය කරමින් ශිරෝමී වත්සලා සමරකෝන්, තාරිකා දිලීපනී සහ මොහොමඩ් හුස්නි(mohomed Husni) - යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

    ( ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya