මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශගුණික විපර්යාස සමුළුවට ජනපති ප්‍රංශයට යයි

    නොවැම්බර් 30, 2015

    එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රංශය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (29) ප්‍රංශයේ චාල්ස් ඩිගෝල් (Charles de Gaulle) ගුවන්තොටුපළ වෙත ළඟාවිය.

    ගුවන්තොටුපළට පැමිණි ජනාධිපතිතුමා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිතුමා ඇතුළු නිලධාරීන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබිණ.

    2015 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතරින් රාජ්‍ය නායක නායිකාවන් 80 දෙනෙකු පමණ සහභාගීවිමට නියමිතව ඇත.

    ( ඡායාරූප : සුදත් සිල්වා - ජනාධිපති මාධ්‍ය අංශය )

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya