මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශිකයන්ට මේ රටට ඇවිත් ඉඩම් ගැනීමේ ප්‍රතිපත්තිය, කිසිසේත්ම ලිහිල් කර නෑ-මුදල් අමාත්‍ය

    නොවැම්බර් 28, 2015

    විදේශිකයන්ට මේ රටට ඇවිත් ඉඩම් ගැනීමේ ප්‍රතිපත්තිය,කිසිසේත්ම  ලිහිල් කර නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.


    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ විසර්ජන පනත් කෙටුම්පත් 2016 දෙවැනි වර කියවීමේ විවාදය අතරතුරු අඳහස් දක්වමිනි.


    විදේශිකයන්ට මේ රටට ඇවිත් ඉඩම් ගැනීමේ ප්‍රතිපත්තිය,කිසිවිටකත් ලිහිල් කර නෑ. ලිහිල් කර තිබෙන්නේ එක විදියකින්.ඕනෑම ආයෝජකයෙක් රුපියල් බිලියන 2කට වඩා අයෝජන ගෙනාවොත් අපි සතුටෙන් ගෙවන්න තියෙන සියයට සීයේ බද්ධ ඉවත් කර තිබෙනවා.නැතිනම් සියයට සීයේ බද්ධ තිබෙනවා.අපි පුළුවන්තරම් දේශීය ව්‍යවසාකයන්ට ඉඩ ලබාදෙනවා.

    ඉන් රටට තිබෙන වාසිය බලනවා. කැබිනට් එකේ අනුමැතිය දෙන්න ඕන. තනි තීන්දුවක් ගන්න කාටවත් අවස්ථාවක් නෑ.මෙය වැරදියට වටහා ගන්න එපා.

    කතා කළ හැම මන්ත්‍රීවරයකුගේම සංෂිප්ත වාර්තවක් ලැබී තිබෙනවා.රටට ඔබින ආර්ථිකයක් හදන එක සියලු දෙනාගේම වගකීමක්.මෙය අපේ රටට හදන අයවැයක්.අපි නම්‍යශීලියි.අපිට වඩා හොඳ අඳහසක් නම් ඊට නම්‍යශීලී වෙන්න ඉඩතියෙනවා.අපට අවශ්‍ය වෙන්නේ රටට ආර්ථිකයක්.අපි රටට හදන අයවැයක්.හොඳ අඳහස් සෑම දේම පාවිච්චි කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya