මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරුණ රැකියා ප්‍රශ්නයට විසඳුම් යෝජනා කර තිබෙනවා-අමාත්‍ය පී.තිගාම්බරම්

    නොවැම්බර් 28, 2015

    වසර 2016 අයවැය තුළින් තරුණ  රැකියා ප්‍රශ්නයට විසඳුම් යෝජනා කර තිබෙන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී.තිගාම්බරම් මහතා පවසයි

    අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ
    විවාදයේ අඳහස් දක්වමිනි.


    මේ රටේ ආර්ථික සංවර්ධනයට වැදගත් සාධකයක් ලෙස සළකා වතුකරයේ ජනතාවට උදව් කිරීම පිළිබඳව සතුටට පත්වෙනවා.

    වතුකරයේ පහසුකම් අඩු පාසල් සංවර්ධනය කිරීමටත් විෂයභාර ගුරුවරු පාසල්වලට පත් කිරීමට පියවර ගෙන තිබෙනවා.අයවැය තුළින් පාසල්වල යටිතල පහසුකම් යෝජනා කිරීම අගය කරනවා.වතුකරයේ ජනතාවගේ වැටුප් වැඩිකිරීම ගැන අවධානය යොමු කිරීම වැදගත්.

    2016 අයවැය තරුණ විරැකියා ප්‍රශ්නයට විසඳුම් යෝජන කර තිබෙනවා.මේ සඳහා නවීන රැකියා ක්ෂේත්‍රවලට ඇතුළත් කිරීමේ අත්‍යවශ්‍යතාවක් තිබෙන බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya