මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රට මූල්‍ය කේන්ද්‍රයක් බවට පත් කරන්නට පැහැදිළි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා

    නොවැම්බර් 28, 2015

    අලුත් නිර්මාණශීලී අදහස්වලින් පෝෂණය වූ අයවැයක් බවත් මේ රට මූල්‍ය කේන්ද්‍රයක් බවට පත් කරන්නට පැහැදිළි වැඩපිළිවෙලක් මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.


    අපේ රට තරඟකාරී ආර්ථිකයක් බවට පත්කර, යැපෙන්නන්ගේ ආර්ථිකයෙන් නිදහස් කොට ,ඉතාමත් විනිවිදභාවයෙන්, පෝෂණය වූ අයවැයක් බවට මෙවර අයවැය පත් කොට තිබෙනවා.

    මෙය ඓතිහාසික අයවැයක්. ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ අඳහස් එකට කැටි වූ අයවැයක් ලෙස හදුන්වන්න පුළුවන්.අද පාර්ලිමේන්තුවට වගකියන පූර්ණ කාලීන මුදල් අමාත්‍යවරයකු සිටිනවා. 1994 සිට මුදල් අමාත්‍යධූරය තිබුණේ ජනපති
    සතුවයි.

    අපේ ආර්ථිකය යැපෙන්නන්ගේ ආර්ථිකයක් බවට පත් වෙලා. එය වෙනස් වෙන්නට අවශ්‍යයි.අපේ ආර්ථික දර්ශනය පෞද්ගලික අංශය ශක්තිමත් කිරීමයි.දකුණු ආසියාවේ ආර්ථිකය දියුණු වී ඇත්නම් එසේ සිදු වී තිබෙන්නේ පෞද්ගලික ප්‍රාග්ධනයෙන්.

    නවීකරණය වූ උසස් මට්ටමක් ජනතාවට ලබාදෙන දකුණු ආසියාවේ යටිතල පහසුකම් වැඩියෙන් ලැබෙන අයවැයක් බලාපොරොත්තු වී තිබෙනවා.මේ රට මූල්‍ය කේන්ද්‍රයක් බවට පත් කරන්නටපැහැදිළි වැඩපිළිවෙලක් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කර තිබෙනවා.අලුත් නිර්මාණශීලී අදහස්වලින් පෝෂණය වූ අයවැයක්.ඒ නිසා මෙය ඓතිහාසික අයවැයක්.අහිංසක ජනතාවට සහන ලබාදෙන පෞද්ගලික අංශය ශක්තිමත් කරන නව ප්‍රවේශයකට ගෙන එන අයවැයක් බවද අමාත්‍යවරයා පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya