මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආණ්ඩුවක් තුළ විශාල වරප්‍රසාද රැසක් රටට ලැබී තිබෙනවා- අමාත්‍ය මහින්ද අමරවීර

    නොවැම්බර් 28, 2015

    ජාතික ආණ්ඩුවක් තුළ කටයුතු කිරීම හේතුවෙන් විශාල වරප්‍රසාද රැසක් රටට ලැබී තිබෙන බවත් රට දියුණු කිරීමට නම් විදේශ ආයෝජන අවශ්‍ය බවත් ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (28) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, විසර්ජන පනත් කෙටුම්පත 2016 දෙවැනි වර කියවීමේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    ජී.එස්.පී.ප්ලස් සහනය සහ මත්ස්‍ය අපනයනය හනම් කර තිබුණා. ඇති වූ දේශපාලන වෙනස නිසා අපිට 2016 වසර අවසන් වනවිට මත්ස්‍ය අපනයනයට තිබෙන තහනම ඉවත් කරගැනීමට හැකි වේවි.ජී.එස්.පී.ප්ලස් සහනයත් ලබාගැනීමට හැකි වේවි. එය ජාතික ආණ්ඩුව ලබාගත් ජයග්‍රහනයක්.

     

    රටේ ජනතාව තීන්දු කළේ ජාතික ආණ්ඩුවකට යන්නයි.මේ අයවැය එක්සත් ජාතික පක්ෂයෙත් කරුණු තියෙනවා.බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ අයවැයක් ලෙස හදුන්වන්න බෑ.ඇතැම් අඩුපාඩු අපි දකිනවා.අපි පිළිබඳව මුදල් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළා. අඩුපාඩු සම්බන්ධයෙන් සාධණීයව සාකච්ඡා කරන්න හැකි වුණා.

     

    අපිට මේ රජය මේ අයවැය අලුත් දෙයක්.විපක්ෂය හැමවිටම අයවැයට විරුද්ධයි. ආණ්ඩු පක්ෂය හොඳයි කියනවා.ජතික ආණ්ඩුවේ කාලය අවසන් කරන්න අවශ්‍ය නෑ. සැලකිය යුතු කාලයක් ලබදිය යුතුයි.බලය ලබා ගන්න කෙටි පාරවල් නෑ.

    දැන් ජාතිවාදය කතා කරන්න එපා. අනිත් ජාතීන් දෙස සුහදව බලන කාලය පැමිණ තිබෙනවා. මේ රටේ නැවත යුද්ධයක් ඇතිවන්නේ නෑ.දේශපාලන නායකයන් කියන දෙවල් දැන් ඒ ජනතාව පිළිගන්න සූදානම් නෑ.

    ඇතැම් අයතන පෞද්ගලීකරණය කරනව කිව්වා. කිසි ලෙසකින්වත් අත්‍යාවශ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න ඉඩ දෙන්නේ නෑ. එසේ කරන්නට අඳහසකුත් නෑ. රට දියුණු කිරීමට විදේශ ආයෝජන අවශ්‍යයි.ඉඩම් ලබාදෙන්නේ ආයෝජනයට පමණයි. බදු දීමත් අපි විනිවිදභාවයෙන් කරනවා, ඒ පිළිබඳව සොයා බලනවා යැයි ද අමාත්‍යවරයා පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya