මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වර්ණමය අවස්ථාවට පිටුපාන්නට හැකියාවක් නෑ

    අප්‍රේල් 28, 2015

    A gayantha19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදුවන ස්වර්ණමය අවස්ථාවට පිටුපාන්නට හැකියාවක් නොමැති බවත් මෙම සංශෝධනය ගෙන ඒමට දුර්ලභ රාජ්‍ය නායකයකු වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අසීමිත කැප වීමක් කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරවය හිමි විය යුතු බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක,ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

    අද (28) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය


    18 වන ව්‍යවස්ථාවට අත් ඔසවා සිදු කරගත් පව් සෝදා ගැනීමට 19 කියන මල් වට්ටියට අත ගැසීමට සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා.

     

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තම චරිතය තුළින්ම පෙන්වා දුන්නා තමන් අතහැරීමට ලෑස්ති කෙනෙකු බව. එතුමාගේ අතහැරීම නිසා රටේ ජනාධිපති වූ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ බවත් පැවසුවා.

    විධායක ජනාධිපතිධූරය එක්සත් ජාතික පක්ෂය දැක්කා. ගාමිණි දිසානායක, ලලිත් ඇතුළත්මුදලි වැනි නායකයින් පවා මෙය ඉවත් කළ යුතුයි කියා ජීවිත පරදුවට තියා කිව්වා.

    මෙම ස්වර්ණමය අවස්ථාවට පිටුපාන්නට හැකියාවක් නෑ.මෙම සංශෝධනය ගෙන ඒමට දුර්ලභ රාජ්‍ය නායකයකු වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අසීමිත කැප වීමක් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරවය හිමි විය යුතුයි. ඒ වාගේ ම මේ සඳහා ජනවරම ලබාදුන් ජනතාවට ගෞරවය හිමිවිය යුතුයි යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya