මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 ව්‍යවස්ථා සංශෝධනය ඓතිහාසික අවස්ථාවක්

    අප්‍රේල් 28, 2015

    A ranil-parliament19 ව්‍යවස්ථා සංශෝධනය ඓතිහාසික අවස්ථාවක් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කර තිබෙන්නේ පාර්ලිමේන්තුවට යළි බලය ලබාදීම බවත් මේ රට දියුණු කරලා, ජනතාවගේ මුලික ප්‍රශ්න විසදා සමජ ප්‍රශ්න විසදන්න අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අද (28) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

    විවෘත ආර්ථිකයක් ඇති කළා.මහවැලිය ආරම්භ කළා. වෙලඳ කලාප,උදාගම් නිවාස ක්‍රමය ආරම්භ කළා. ජේ ආර්. ජයවර්ධන මැතිතුමා ලබාදුන් දුන්න නායකත්වය නිසා.

    ජේ ආර්. ජයවර්ධන මැතිතුමාට පුළුවන් උණා 13 සංශෝධනය එකතු කරන්නට. ප්‍රේමදාස ජනාධිපතිතුමා ආවා. සතියක් සති 2ක් විතර වැඩබලන ජනාධිපති හා අගමැති තනතුරත් ක්‍රියාත්මක කළා, ඩී.බී.විජේතුංග ජනාධිපතිතුමා.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිතුමිය විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරනවා කිව්වා. ඒත් එය සිදු වුණේ නෑ.ජනාධිපතිතුමිය පාර්ලිමේන්තුව කල්තැබුවා. ආපසු ඡන්දයක් ඇති වුනා. එජාපය ජයගත්තා. පාර්ලිමේන්තු බහුතරයෙන් මම
    අගමැතිකම බාර ගතතා.

    අවාසනාවකට 2003 ඔක්තෝබර් මාසයේ ආපසු ඡන්දයකට ගියා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුණා. ජනපති බලතල තව අඩු කරන්න කියලා යෝජනා කළා. යුද්ධය පසුව තමන් අතට බලතල ගත්තා.වෙනම ආණ්ඩුවක් ඇති වුනා.එයට කිව්වේ රාජපක්ෂ රෙජිමය කියලයි. එජපයට පමණක් නොව රටේම මතයක් ආවා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කිව්වා.


    මෙය ප්‍රධාන සටන් පාඨයක් බවට පත් වුණා.ජනාධිපතිවරණයක් තිබ්බා. පොදු අපේක්ෂකයෙකු ලෙස මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ප්‍රධාන පොරොන්දුවක්.

    අපි සුළුතර ආණ්ඩුවක්. අයවැය සම්මත කරගන්නත්,සියලු පක්ෂ වල සහය අවශ්‍ය වුනා. කොමිෂන් සභා ඇතිකරලා 19 සංශෝධනය ඉදිරිපත් කළා.

    අපි ඉදිරිපත් කළේ කැබිනට් මණ්ඩලය මගින් පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතික්‍රමයක්.19 සංශෝධනය ඉදිරිපත් කරද්දි, බලය අතහැරීමට 19 ඉදිරිපත් කළේ කියලා කිව්ව. මෙය ඓතිහාසික අවස්ථාවක්. මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා කර තිබෙන්නේ පාර්ලිමේන්තුවට යළි බලය ලබාදෙන එක. මෙය සුළුතර ආණ්ඩුවක්.සම්මුතියකට එන්නට සිදු වුණා,අපි සම්මත කර ගන්නවද නැත්නම්
    අතහරිනවද කියලා.

    අපි එකතුවෙලා රට ගෙනියන්න ඕන .මුළු පාර්ලිමේන්තුව ම ආණ්ඩුවක් හැටියට ක්‍රියාකරන විදියට. මේ රට දියුණු කරලා, ජනතාවගේ මුලික ප්‍රශ්න විසඳලා සමජ ප්‍රශ්න විසදන්න අවශ්‍යයි යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya