නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    18ට අත් ඔසවා කළ වැරැද්ද 19ට සහය දී නිවැරදි කරමු

    අප්‍රේල් 28, 2015

    18 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් සදහට ම ජනාධිපති ධුරයේ ඉන්න කුමන්ත්‍රණය කරන විට අත් දෙකම ඔසවා ඊට සහයෝගය ලබා දුන් අයට එදා කළ වැරැද්ද නිවැරදි කර ගන්න අවස්ථාවක් 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ලැබී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා අද (28) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් පැවසීය.


    විපක්ෂයේ බොහෝ අය අද ඒකාධිපති වියරුවෙන් පෙළෙන බව කිව යුතුයි. ඉතිහාසයේ කළ වරදක් නිවැරදි කරන්නයි අප 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ. විධායක ජනාධිපති ධුරයේ බලතල පමණක් නොව එහි ඇති ව්‍යවස්ථාවේ ඇති විධායක ස්වරූපයත් ඉවත් කර හොද දිශානතියක් කරා රට ගෙන යන්න මෙය හොද ඉදිරි පියවරක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    දුෂණය හා අල්ලස රජ කළේ මේ නිසයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සීමාවන් තුළ අද කළ යුතු දේ අප කරමු. මානව හිමිකම් රකිමින් සංශෝධනය තුළින් සුළු ජාතීන්ගේ අවශ්‍යතා ඉටුකරන්නත් උත්සාහ දරමු. එවිට සාමකාමී රටක් ලෙස ජීවත් වෙන්න හැකි වෙනවා. ජාත්‍යන්තරය සමග වෛරීව අප ජීවත් වුණා. අපි ලෝකයේ තනි වුණා. මේ දින 108 තුළ අප ගත් පියවර නිසා ලෝකයේ හොද නමක් රැකගන්න හැකි වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මැයි 02 හා 03 ලංකාවට එනවා. නේපාලයේ ඇති වූ ඛේදවාචකයේ සහයට අපේ හමුදාව යාම නිසා ජාත්‍යන්තර වශයෙන් අපේ රටේ හමුදාව හොද නමක් දිනාගෙන තියෙනවා. රටට ආදරය කරන හැමෝගෙම සහය අප ලැබේවි. ඒකාබද්ධව සියලු දෙනා සංහිදියාවකට පැමිණෙමු. එකිනෙකා අභිබවා නොයා සියලු දෙනා එකට එකතු වී රට ඉදිරියට ගෙන යන්න කටයුතු කරමු යැයි කියා සිටින බව අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya