මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථාවක් වෙනස් වීම නරක දෙයක් නොවේ

    අප්‍රේල් 28, 2015
    ලංකාවේ පමණක් නොව ලෝකයේ හැම රටක ම වාගේ විවිධ අවස්ථාවල ව්‍යවස්ථා සංශෝධනය වූ බවත් ඉන්දියානු ව්‍යවස්ථාවත් සංශෝධනය වුණ අතර සමාජයක අදහස් වෙනස් වෙනකොට එහි ව්‍යවස්ථාවත් වෙනස් වීම නරක දෙයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (28) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ විවාදයට සහභාගී වෙමින් පැවසීය.
     
    ජනාධිපතිට බලය පවරන්නේ මේ රටේ ජනතාවයි. විධායක ජනාධිපති ධුරය වඩා මානුෂික බවක් ගන්න ක්‍රමයක් හිතන්න ඕනෑ. ඉන් මේ රටේ ඒකීය බවත් ස්වාධීන බවත් ආරක්ෂා වෙනවා. කොමිෂන් සභාවල ගතිකත්වය යම් යම් අවස්ථාවල වෙනස්විය යුතුයි. මේවායේ අඩුපාඩු අප දැක්කා. ජනතාවගේ උවමනා එපාකම් පාර්ලිමේන්තු පනත් හරහා ඉදිරිපත් විය යුතුයි.
     
     මැතිවරන ක්‍රමය සංශෝධනය කළ යුතුයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානය තුළ මතයක් තිබෙනවා. ව්‍යවස්ථාදායක බලය රටකට තිබෙන වැදගත් බලයක්. අපේ රටේ ප්‍රායෝගික වශයෙන් මහජන නියෝජිතයා ළඟට සියලු ප්‍රශ්න අරන් එනවා. විධායක ජනාධිපති ක්‍රමයට විවේචන තිබෙනවා. රටේ ඒකීයභාවයට තිබෙන වැදගත්කම ආරක්ෂා කරමින් කටයුතු කළ යුතුයි. අපි ඉතාම වගකීමෙන් කියනවා 19 ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙනවා නම් යම් යම් සංශෝධන සහිතව ජනතාවට යහපත් වන සංශෝධන සහිතව සිදු කරනවා. පාර්ලිමේන්තු ක්‍රමයේ හා විධායක ජනාධිපති ක්‍රමයේ වෙනසකුත් ඇතිව මේ දේ සිදු වේ යැයි බලාපොරොත්තු වන බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya