මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 වන ව්‍යවස්ථා සංශෝධනයේ යම් සාධනීය කරුණු ප්‍රමාණයක් ඇතුළත්

    අප්‍රේල් 28, 2015
    19 වන ව්‍යවස්ථා සංශෝධනයේ යම් සාධනීය කරුණු ප්‍රමාණයක් ඇතුළත් ව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද (28) පාර්ලිමේන්තුවේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙවැනි දින විවාදයට සහභාගී වෙමින් පැවසීය.
     
    විධායක ජනාධිපති ධුරය නිර්මාණය කළ දින පටන් ප්‍රගතිශීලී බලවේග, වමේ ව්‍යාපාර එය අහෝසි කරන ලෙස කෑගැහුව්වා. මෙය අනිවාර්යෙන්ම අහෝසි කළ යුතුයි. ජරටට, ජනතාවට පමණක් නොව විධායක ජනාධිපති පුටුවේ වාඩි වූ අයටත් අහිතකර තත්ත්වයක් ඇති වුණේ. මේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න පසුගිය කාලයේ ජනවරම් ලැබුණත් එය සිදු වුණේ නැහැ. තනි පුද්ගලයෙකු ව්‍යවස්ථාවේ තිබූ බලය තමන් අතට අරගෙන කටයුතු කළ ආකාරය අපි දැක්කා.
     
    19 වන ව්‍යවස්ථා සංශෝධනය වැදගත් වෙනවා. මේ සංශෝධනය සම්මත කර ගත යුතුයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය කාටවත් අයත් නැහැ. සෑම පුරවැසියෙකු ම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. වර්තමාන ජනාධිපතිවරයාට ජනවරමක් ලැබී ඇති බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya