නොවැම්බර් 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19 ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් ජනපති මල්වතු මහා නායක හිමියන්ට පිළිගන්වයි

    අප්‍රේල් 26, 2015
    ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් අද (26) උදෑසන මල්වතු මහා විහාරයේදි මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සුමංගල නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීය.
     
    අනතුරුව ජනාධිපතිතුමා උන්වහන්සේ සමග කෙටි පිළිසදරක නිරත වූ අතර උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    එමෙන්ම මල්වතු අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේට ද 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතක් පිළිගැන්වීය. 
     
    උන්වහන්සේ ද සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.
     
    මෙම අවස්ථාවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහාලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා, අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
    kpm
    unnamed 23

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya