මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞදියේ මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ දඬුවම ලිහිල් කෙරේ

    මාර්තු 18, 2015

    සෞදි අරාබියේදී ගෙල සිඳ මරාදැමීමේ දඬුවම ලැබූ ශ්‍රී ලාංකිකයන් තිදෙනාගේ දඬුවම මුදලින් වන්දියක් දක්වා ලිහිල් කර ගැනීමට හැකියාව ලැබී තිබෙන බව විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරාළ මහත්මිය ඊයේ (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළාය.


    ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තිදෙනා නිදහස් කරගැනීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා විසින් වාචික ප්‍රශ්න අවස්ථාවේ අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් කළ විමසීමේ දී අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

     

    මෙම සිදුවීම වසර 2007දී සිදු වූවක්. මෙම තිදෙනාගේ හිස ගසා දැමීමට නියම වුණා. එය නියම වුණේ 2014 නොවැම්බර් මාසයේදීයි. මේ වනවිට අවශ්‍ය කටයුතු කර තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා සාකච්ඡා කර හිස ගසා දැමීම සඳහා තිබූ දඬුවම, මුදලින් වන්දියක් දක්වා අඩුකරගෙන ගැනීමට හැකි වී තිබෙනවා.

    ඒ මුදල් කොපමණ ප්‍රමාණයක් ගෙවිය යුතු ද යන්න දැන් තිබෙන කාරණය. ඒ සඳහා ඒ රටේ අධිකරණ ක්‍රියාමාර්ගයකට යා යුතුයි. ඝාතනයට ලක්වූ යේමන ජාතිකයාගේ සහෝදරයා එකඟ වී තිබෙනවා, මුදලක් ලබාගෙන මරණ දඬුවම ලිහිල් කරගන්නට. මේ සඳහා කටයුතු කිරීමට විශේෂ නියෝජිතයකු ලෙස අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඕනෑම වෙලාවක කටයුතු කරන්නත්, ඒ සඳහා එම රටට යෑමටත් සූදානම් කර තිබෙනවා.

    ඒ අනුව විශේෂ නියෝජිතයා යවන එක ප්‍රශ්නයක් නැහැ. අවශ්‍ය සියලු කටයුතු නිරාකරණය වෙමින් පවතිනවා. අමාත්‍යාංශය මැදිහත් වුණා. දැන් කතාකරන්න තියෙන්නේ සිර දඬුවම සහ මුදල කොපමණ ද යන්න පිළිබඳව තීරණයක් ගැනීමයි ගැනයි. රිශානා බේරාගන්න බැරි වුණ ආණ්ඩුවක්, පසුගිය කාලයේ වැඩකටයුතු කළ හැටි අප දන්නවා යැයි ද තවදුරටත් අමාත්‍යවරිය සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya