නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය මූල්‍ය වඩාත් ශක්තිමත් කරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙ⁣ටුම්පත ලබන 22 වැනි දා පාර්ලිමේන්තුවට

    මැයි 19, 2024

    මෙතෙක් පැවති රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ලිහිල් බව හා අඩුපාඩු සියල්ල සම්පූර්ණ කරමින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙ⁣ටුම්පත ලබන 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


    අමාත්‍යවරයා සඳහන් කළේ 1935 වසරේ සිට අපේ රටේ රාජ්‍ය මූල්‍ය , මුදල් නියෝග මගින් පාලනය වූ බවත් , 1966 දී මෙම මුදල් නියෝග මුදල් රෙගුලාසි බවටත් පත් වී පසුව එම මුදල් රෙගුලාසි 1992 වසරේදී සංශෝධනය වූ බවත් ය.
    2003 වසරේදී ගෙනා රාජ්‍ය මුල්‍ය වගකීම් පනත ආදිය මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය විධිමත් කිරීමට විවිධ උත්සාහයන් දැරුවද , රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් සියලු පැතිකඩ ආවරණය වන කේන්ද්‍රීය පනතක් මෙතෙක් කලක් නොතිබූ බව සඳහන් කළ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ,ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ආදී ආයතන දිගින් දිගමට කරුණු පෙන්වා දුන් බවද සඳහන් කළේ ය.
    එසේම 2022 වසරේදී ඇතිවූ මූල්‍ය අර්බුදයට ද අපේ රටේ පැවති මූල්‍ය නීතිවල ඇති ලිහිල්භාවය බලපෑ බව බොහෝ පිරිස් පෙන්වා දුන් බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ අනුව කරුණු සියල්ල ඒකරාශී වූ , එසේම නව ලෝකයට ගැලපෙන්නා වූ ශක්තිමත් මූල්‍ය පනතක අවශ්‍යතාවය සපුරාලමින් මෙම පනත ගෙන එන බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.
    පසුගිය අරගල , උද්ඝෝෂණ ආදියේදී ඉල්ලා සිටි ප්‍රධාන කාරණාවක් මෙන්ම , සමාජයේ බොහෝ පිරිස්ද රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් ඒ අනුව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු දෙනා 22 වන දින ගෙන එන මෙම පනත් කෙටුම්පත මීට පෙර ඉදිරිපත් කරනු ලැබූ දූෂණ විරෝධි පනතත් හොඳින් අධය්‍යනය කර බලන ලෙස තමන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya