නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා උනන්දුවෙන් Featured

    මාර්තු 09, 2015
    ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ තමා මහත් උනන්දුවෙන් පසුවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කරයි. 
     
    ඒ මහතා මේ බව සඳහන් කොට ඇත්තේ තම ට්විටර් ගිණුම හරහාය.
     
    ඉතා සතුටින් සහ විශ්වාසයෙන් යුතු ව තමා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂා කරන බවත් මෙම සංචාරය හරහා දෙරට අතර පවතින සබඳතා ඉදිරි වසරවලදී තවදුරටත් ශක්තිමත් කරගැනීමට තම සංචාරය ඉවහල් වන බවද එහි සඳහන් කොට ඇත.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ආරාධනයක් අනුව දෙ දින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 13 සහ 14 දිනවලදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. සංචාරය අතරතුර දී අග්‍රාමාත්‍ය මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවන් ද පැවැත්වීමට නියමිතය.
     
    13දා පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිත අතර අනුරාධපුරය, තලෙයිමන්නාරම සහ යාපනය ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතය.
     
    වසර 25කට පසුව ඉන්දීය අගමැතිවරයෙක් ද්වීපාර්ශවික සාකච්ඡා සඳහා මෙරට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය වේ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya