නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා පත් කෙරේ

    මාර්තු 09, 2015

    එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය ක්‍රිස් නෝනිස් මහතා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක පත් කර ඇත.

     

    විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සම්බන්ධ මතභේදයක් හේතුවෙන් නෝනිස් මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික තනතුරින් ඉවත් විය.

     

    පොදු රාජ්‍ය මණ්ඩලීය සහ ජාත්‍යන්තර කටයුතු හා ක්‍රියාකාරීව සම්බන්ධ වන ඒ මහතා ලන්ඩන් නුවර රාජකීය පොදුරාජ්‍ය මණ්ඩලීය සංගමයේ උප සභාපති ධුරය ද එකසත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රතිපත්ති අධ්‍යයනය සඳහා වූ රාම්පාල් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයේ හා පොදු රාජ්‍ය මණ්ඩලීය ව්‍යාපාරික කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකවරයෙක් ලෙස ද කටයුතු කරමින් සිටියි.
     


    චාර්ල්ස් කුමාරයාගේ එක් පුණ්‍යායතනයක් වන බ්‍රිතාන්‍ය ආසියානු අරමුදලේ ශ්‍රී ලංකා උපදේශක මණ්ඩල ප්‍රධානියා ලෙස ද නෝනිස් මහතා කටයුතු කරයි.

     

    ඔහු මීට පෙර ශ්‍රීලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා අපනයන මණ්ඩලය සහ ගෝලීය අරමුදල සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය සම්බන්ධීකරණ යාන්ත්‍රණය යන ආයතනවල සේවය කර ඇත. ඒ මහතා මැක්වුඩ්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ද වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya