"තරුණ පොදු රාජ්‍ය මණ්ඩලයක්" යන්න මෙවර සැමරුම් උළෙලේ තේමාව වී ඇත.
ගෝලීය අර්බුද පිළිබඳ වැටහීම, ජාත්‍යන්තර සහයෝගීතාව සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ආයතනවල කාර්යාභාරය ප්‍රවර්ධනය කරගැනීමට මේ හරහා අවකාශය සැලසේ.
මෙම උත්සවය සඳහා පොදුරද මඩුලු සාමාජික රටවල් 53හි රාජ්‍ය නායකයන්, විදේශ ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගිවන අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙන් ම එහි සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගි වෙති.
2013 වසරේ නොවැම්බර් මාසයේ කොළඹ දී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවෙන් අනතුරුව එහි සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි විය.
DB