මෙම අවස්ථාවට පැමිණි ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරිය, යුද හමුදා මුලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා විසින් පිළිගන්නා ලදි.
අනතුරුව, 1980 වර්ෂයේ දී එල්ටීටීඊ ත්‍රස්තවාදී සටන්වලදී සිය ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන් වෙනුවෙන් ඉදි කළ ඉන්දියානු සාමසාධක හමුදා ස්මාරකය වෙත ස්වරාජ් මහත්මිය පුෂ්පෝපහාර දක්වන ලද අතර, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සෙබලුන් ද මෙහිදී සිය ආචාරය පුදකරන ලදි.
ශ්‍රී ලංකා ඉන්දීය මහකොමසාරිස් යෂ්වර්ධන් කුමාර් සිංහා, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ප්‍රකාෂ් ගෝපාලන්, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් මහින්ද අඹන්පොල, මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ, මේජර් ජනරාල් ටී.එන්. ජයසූරිය, මේජර් ජනරාල් වික්‍රමරත්න මහත්වරුන් මෙන් ම යුද හමුදා මුලස්ථානයේ අධ්‍යක්ෂවරුන් කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB