නොවැම්බර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තාව සමාජ පැවැත්මට ලබාදෙන දායකත්වය අතිශය ප්‍රශස්තයි- අගමැති Featured

    මාර්තු 08, 2015

    දියණිය, සොයුරිය, යෙහෙළිය, මව, බිරිඳ, මිත්තණිය ආදී වශයෙන් විවිධ භූමිකා හොබවමින් කාන්තාව සමාජය යහ පැවැත්මට ලබා දෙන දායකත්වය අතිශය ප්‍රශස්ත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදට (08) යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
    එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.


    "ඇගේ සමාජ භූමිකාව කිසිසේත් සුළුකොට තැකිය නොහැකිය. ඒ වෙනුවෙන් ඇයට අප සැමගේ ප්‍රමාණය හිමි විය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටි.

     

    කාන්තාවට නිසි ගෞරවය, රැකවරණය, ඇගයීම, ආදරය ලබා දෙමින්, ඇය ප්‍රගතිශීලී සමාජ ගමනට සහභාගි කරගැනීම සමස්ත සමාජයේ වගකීමයි. ඒ සඳහා අපගේ දේශය යහපත්, සදාචාරසම්පන්න, නීතිගරුක, රාජ්‍යක් ලෙස ගොඩනැංවීම අත්‍යවශ්‍ය වන අතර වත්මන් රජය ඒ වෙනුවෙන් කැප වී කටයුතු කරයි.

     

    තම උත්තරීතර භූමිකාව මැනවින් අවබෝධ කරගනිමින් වඩා යහපත් ලොවක් වෙනුවෙන් සිය දායකත්වය පිරිනැමීමට සමස්ත ලාංකීය කාන්තාවට හැකි වේවා" යැයි වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya