නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ජනතාවට දුන් පොරොන්දුවක්

    පෙබරවාරි 26, 2015
    මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවට අපි ජනතාවට පොරොන්දු වී තිබෙන බවත් දුන් පොරොන්දු ඉටු කිරීම ජනතාව බලාපොරොත්තුවන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     

    අමාත්‍යවරයා අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් මේ බව පැවසී ය.

     

    “මැතිවරණයකට කල් තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනය කිරීම, තොරතුරු දැනගැනීමේ පනත සහ මන්ත්‍රීවරුන්ගේ විනය පටිපාටිය යන කාරණා දින සියයයේ මූලික පරමාර්ථ අප ඉටු කළ යුතුයි.

     

    මේවා ඉටු කරන්නට දින සියයක් ගියා කියලා, ජනතාව බනින්නේ නෑ. ඒවා පරක්කු වුණොත් පමණක් ජනතාව බනීවි“ යැයි අමාත්‍යවරයා පැවසී ය.

     

    “ජාතික ආණ්ඩුවක් බිහි වුවහොත් ඒ සඳහා පමණක් කැබිනට් අමාත්‍ය ධූර 45ක් ගේන්නට අවශ්‍යතාවක් තිබුණා. දින සියයය දෙසීය කරලා හරි මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. ඒ සඳහා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහයෝගය දෙනවා“ යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya