යුද හමුදා මූලස්ථානයේ දී පැවති මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූ අතර, එම අවස්ථාවෙහි දී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය. දේශය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන් සිහිකරමින් ප්‍රණාම සහතික උළෙලෙහි ආරම්භය සනිටුහන් කරන ලදී.
තම ජීවිතය පරදුවට තබමින් විදේශිකයාගේ ජීවිතය බේරා ගත් කෝප්‍රල් ඒ.එම්. සුදේශ් ලලින්ද මෙම අවස්ථාවේදී යුද හමුදාපතිතුමා විසින් සැරයන් නිලයට උසස් කරන ලදී.
කෝප්‍රල් ඒ.එම් සුදේශ් ලලින්ද තම ජීවිතය පරදුවට තබමින් සැබෑ වීරයෙකු ලෙස සිදු කළ මෙම ක්‍රියාව යුද හමුදාපතිතුමා විසින් ඉතා අගය කොට සැළකූ අතර ම මෙම අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රණාම සහතික පත් පිළිගැන්වීය.
එම අවස්ථාවේ දී විදේශිකයාගේ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම සඳහා දායක වූ කෝප්‍රල් ඒ.එම් සුදේශ් ලලින්ද ඇතුළු 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිතන් කර්නල් අයිකේඒඩබ්ලිව් පෙරේරා, ඛණ්ඩභාර නිලධාරී මේජර් ඩබ්ලිව්.ඒ.එම්. රන්තිලක සහ 2 ලුතිතන් එච්.අයි.එල්. හිඹුටුගොඩ යන නිලධාරීන් සහ තවත් යුද හමුදා සාමාජිකයන් 25 දෙනෙකුට ප්‍රණාම සහතික පිරිනැමීය.
ලෝරන්ස් මහතා සහ ඔහුගේ බිරිද ලින්ඩා මහත්මිය විසින් මුදල් ත්‍යාගයක් ලබා දීමට උත්සාහ කළ ද විනය ගරුක සෙබලෙකු වූ කෝප්‍රල් ඒ.එම්. සුදේශ් ලලින්ද විසින් එය ප්‍රතික්ෂේප කොට ඇත.
DB