නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන අමාත්‍යවරයා නමින් ව්‍යාජ දූරකතන ඇමතුමක්

    පෙබරවාරි 26, 2015
    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම භාවිත කරමින් ව්‍යාජ දූරකතන ඇමතුමක් ලබා දී කටයුතු කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
     
    අධ්‍යාපන කටයුත්තක් ඉටු කර ගැනීම සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත මෙම  ව්‍යාජ දූරකතන ඇමතුම ලබාදී තිබෙන බවත් අධ්‍යක්ෂවරයා මේ පිළිබඳ අමාත්‍යවරයාගෙන් විමසීමෙන් පසු එම දූරකතන ඇමතුම ව්‍යාජ එකක් බව අනාවරණය වූ බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.
     
    එම දූරකතන අංකයට අයත් පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීමට අමාත්‍යවරයා පොලීසිය වෙත දන්වා ඇත.
     
    එම ව්‍යාජ දූරකතන ඇමතුම හේතුවෙන් නිලධාරියෙකු ස්ථාන මාරුවක්  ලබා දී තිබෙන අතර මින් ඉදිරියට දූරකතන ඇමතුම් ඔස්සේ කටයුතු කිරීමේදී ඒ බව තහවුරු කිරීමෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya