නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයක්

    පෙබරවාරි 25, 2015
    බරපතල මූල්‍ය අපරාධ සහ දූෂණ විමර්ශනය කිරීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයක් පිහිටුවා තිබේ.
     
    2015.02.15 දිනැති කැබිනට් මණ්ඩල තීරණය පරිදි ප‍්‍රසිද්ධියට පත් කළ අංක 1901/2015 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මඟින් පවරන ලද බලතල ප‍්‍රකාරව නියෝජ්‍ය පොලිස්පතිවරයකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යටතේ එම විමර්ශන කොට්ඨාසය ස්ථාපිත කර තිබේ.
     
    එම ඒකකය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ කි‍්‍රයාත්මක වෙයි.
     
    මෙරට කවර හෝ ප‍්‍රදේශයක සිදු වී ඇති මහා පරිමාණ මූල්‍යමය අපරාධ හා දුෂණ, විශාල ප‍්‍රමාණයේ අනවසර ව්‍යාපෘති, මහා පරිමාණ මහජන මුදල් සහ දේපොළවලට එරෙහි අපරාධ, ජාතික ආරක්ෂාව, රාජ්‍ය මූල්‍ය සෞඛ්‍ය හා පරිසරයට සිදු කර ඇති විශාල පරිමාණයේ මුල්‍ය අපරාධ, නිතී විරෝධී ලෙස වත්කම් රැස්කිරීම හා නිල බලය අයුතු ලෙස යොදවා තිබීම, මුදල් විශුද්ධිකරණය හා ත‍්‍රස්තවාදීන්ට මුදල් සැපයීම සහ නීති විරෝධී ගනුදෙනු මේ කොට්ඨාසය මඟින් පරීක්ෂණයට භාජනය කරනු ලබයි. 
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya