අතුරුදන්වූවන් පිළිබඳ ශී්ර ලංකාව සකස් කර ඇති වාර්තාව යළි විමර්ශනය කිරීමේ කටයුතු මේ වන විට සිදු වන බව අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මඟින් ඉදිරිපත් කරන වාර්තාවට පෙර අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පරණගම මහතා සඳහන් කළේය. NDH/priu