මෙම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් ද සහභාගිවීමට නියමිතය.
මෙම සේවක පිරිස විසි වසරක සේවා කාලයකින් පසුව විශ‍්‍රාම වැටුප් සහිත ව රජයේ සේවයට අන්තර්ග‍්‍රහණය කිරීමට ඉකුත් පාලන සමයේ දී ඇති වූ එකඟතාව අනුව ඔවුන්ට හිමි විසි වසරක සේවක අර්ථසාධක අරමුදල් හිමිකර නොදීම පිළිබඳ මතු ව තිබූ අර්බුදය නිමකරමින් වත්මන් නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා එම මුදල් නිදහස් කිරීමට පියවර ගත්තේය.
ඒ අනුව සමෘද්ධි නිලධාරීන් 8,400 දෙනෙකුට පමණ එතෙක් ඔවුන්ට අහිමි ව තිබූ සේවක අර්ථසාධක හිමිකම් මෙදින ප‍්‍රදානය කරනු ඇත.
DB