එම මුදල් රැස්කිරීමට සම්බන්ධ වූ ජාතික පාසල්වල විදුහල්පතිවරුන් හා පන්තිභාර ගුරුවරුන් සම්බන්ධව වහාම විනයානුකූල පියවර ගනිමින් පවතින බවත් ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි මූලික විමර්ශන කටයුතුවලට යටත්ව එම පාසල්වලින් ස්ථාන මාරු කිරීමට හෝ කලාප කාර්යාලවලට අනුයුක්ත කිරීමට පියවර ගන්නා බවත් එම අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙවැනි අයථා ලෙස මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් 2015.01.29 වැනි දින සිට විශාල පැමිණිලි ප්‍රමාණයක් දෙමාපියන්ගෙන් ලැබී ඇති බවයි.
එම පැමිණිලි සියල්ල විමර්ශනයට ලක් කර තිබෙන බව සඳහන් කරන අමාත්‍යාංශය පාසල්වල සියලු ආකාරයේ මුදල් එකතු කිරීම් තහනම් කරමින් 5/2015 චක්‍රලේඛය නිකුත් කර ඇති බව ද සඳහන් කරයි.
මේ අනුව අත්‍යවශ්‍ය කරුණකට හැර මුදල් අය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එම අත්‍යවශ්‍ය කරුණ සඳහා මුදල් අයකිරීම සම්බන්ධයෙන් ද පූර්ව අනුමැතියක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා ගත යුතු ය.
පළාත් පාසල්වලට අදාළව ද පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබී ඇති අතර එම පැමිණිලි අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත යොමු කර ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
kpm