1996 අංක 02 දරණ ධීවර සහ ජලජ සම්පත් පණත යටතේ බලාත්මක වන නියෝග මාලාවන්ට අනුව තහනම් කරන ලද ධීවර ආම්පන්න සහ ඩයිනමයිට් යොදා මසුන් මැරීම සිදු කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නඩු පැවරිය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ සඳහා වැඩපිලිවෙලක් ද ක්‍රියාත්මක කර තිබෙන බව ද සඳහන් කරයි.
ධීවර කර්මාන්තය තුළ තහනම් පන්න ක්‍රම තවදුරටත් සිදු වන බවට ධිවර අමාත්‍යවරයා වෙත පැමිණිලි ලැබෙමින් පවතින බැවින් ඒ සඳහා පුළුල් මෙහෙයුම් කර තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන් උපදෙස් දී ඇත.
අද දින සිටම මීට අදාළ උපදෙස් සෑම දිස්ත්‍රික්කයකම ධීවර සහකාර අධ්‍යක්ෂවරුන් මඟින් ධිවර පරීක්ෂකවරුන්ට දැනුම් දුන් බව ධිවර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව තල්ලු කරනු ලබන දැල්, වොක්සි දැල් හා තංගුස් දැල් යොදා ගනිමින් මසුන් මැරීමත්, කරමල් දැල් සහ ත්‍රිත්ව දැල් කොරල් සහ ගල් පර මත එලීමත්, ඇවුලුම් ඊතළ හා බිලී භාවිත කර මුහුදු ක්ෂීරපායින් ඇල්ලීම සහ ඩයිනමයිට් යොදා මසුන් මැරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ද ධිවර දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
එසේම ශ්‍රී ලංකා ජල තීරය තුළ බලපත්‍ර රහිතව ධිවර මෙහෙයුම් සිදු කරන තැනැත්තන්ට එරෙහිව නඩු පවරන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් ධිවර දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
kpm