නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක රූ රැජිණගේ සහභාගිත්වයෙන් “මිලියන එකක රුක් කථා“ ව්‍යාපෘතිය දියත් කෙරේ Featured

    පෙබරවාරි 20, 2015

    සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ 2014/15 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පලන් දකුණු අප්‍රිකාවේ රෝලිනී ස්ට්රෝස් මෙනෙවිය ගේ සහභාගීත්වයෙන් අද (20) කොළඹ තුරඟ තරග පිටියේ පිහිටි ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී “මිලියන එකක රුක් කථා“ ව්‍යාපෘතිය දියත් කෙරිණි.

    ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, රොටරි ශ්‍රී ලංකා සහ හැටන් නැෂනල් බැංකුව මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහය දක්වයි. ශ්‍රී ලංකාව තුළ ගස් මිලියන එකක් රෝපණය කිරීම, ගස් ආරක්ෂා කිරීමට ජනතාව පෙළඹවීම සඳහා මිනිසුන් හා ගස් අතර භාවාත්මක සම්බන්ධතාවයක් ඇති කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.

     

    මෙම අවස්ථාවේ දී උත්සවය ඇමතූ සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා, ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ආපසු ලංකාවෙන් පිටව යාමට ගුවන් තොටුපොළට පැමිණි විට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් ලැබූ සතුට වෙනුවෙන් සිහිවටනයක් තබා යාමක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ එක ගසක් සිටුවීමට ඩොලර් 1ක මුදලක් ලබා දීමට අවස්ථාව ලබා දීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කරන බව ප්‍රකාශ කළේය.

     

    2009 දී යුද්ධය අවසන් කළ ශ්‍රී ලංකාව 2015 වන විට සංචාරක ආකර්ශණය බහුලව දිනාගත් දිවයිනක් බවට පත්ව ඇති බවත් අද වන විට සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා විදේශයන් වෙත ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සමීප කරවීමට ප්‍රචාරක ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇති බවත් මෙම වසර තුළ මිලයන 2ක සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම රජයේ අරමුණ බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

     

    මෙම ව්‍යාපෘතිය සංචාරක කර්මාන්තය හා බැඳුණු ශ්‍රී ලංකාවේ වනගහණය සුරැකීම සඳහා ගස් ආරක්ෂා කිරීමට නිර්මාණය කළ ඉතා හොඳ ඵලදායී සංකල්පයක් බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

     

    ශ්‍රී ලංකාවේ වණ ආවරණය 2012 වසර වනවිට 53% සිට 29% දක්වා අඩු වී ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශය පවසයි.

     

    “මිලියන එකක රුක් කථා“ ව්‍යාපෘතිය දේශීය වශයෙන් ජනතාව වෙත සමීප කරවීමට එක් එක් පුද්ගලයන්ට පෞද්ගලිකව ගස් හා සබැඳි භාවාත්මක අත්දැකීම් බෙදාගැනීමට ද අදහස් කරයි. ඒ සඳහා හැටන් නැෂනල් බැංකුව ඔවුන්ගේ ශාඛා 250 තුළ හා ATM යන්ත්‍ර 100 දැන්වීම් පළ කිරීමෙන් මිලියන 5ක පමණ සේවාදායකයන් වෙත මෙම සංකල්පය සමීප කරවීමට කටයුතු කරනු ලබයි.

     

    ශ්‍රී ලංකාවේ සංචරණ අත්දැකීම පිළිබඳව 2014 වසරේ සිදුකළ සමීක්ෂණ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කළ සංචාරකයන්ගෙන් සියයට 77ක් ඒ පිළිබඳව අතීශය සතුටට පත්වූ බවත් සියයට 22ක් තෘප්තිමත් බවත් අණාවරණය වී ඇත.

     

    මෙම අවස්ථාවට සහභාගී වූ 2014/15 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පලන් දකුණු අප්‍රිකාවේ රෝලිනී ස්ට්රෝස් මෙනෙවිය මෙම සංකල්පය ලෝකයටම ගෙන යාමට උත්සහ කරන බවත් මෙම අවස්ථාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත් පවසා සිටියාය.

     

    මෙහිදී සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ 2014/15 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පලන් දකුණු අප්‍රිකාවේ රෝලිනී ස්ට්රෝස් මෙනෙවිය ගේ සහභාගීත්වයෙන් “මිලියන එකක රුක් කථා“ ව්‍යාපෘතියේ වෙබ් අඩවිය ද (http://www.rotarytree.com/) අන්තර්ජාලයට මුදාහැරිණි. මිලියන එකක ගස් සිටුවීම සමාරම්භ කරමින් ක්‍රීඩා අමාත්‍යංශ භූමියේ අඹ පැළයක් සිටුවීම ද ඔවුන් අතින් සිදු කෙරිණි.

     

    රෝලිනී ස්ට්රෝස් මෙනෙවියට සහ ජාත්‍යන්තර රොටරි උප සභාපති Celia Cruz De Giay මහත්මියට මෙම අවස්ථාවට සහභාගී වීමේ සිහිවටන ලෙස “Wild Flowers of Sri Lanka“ පොත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ අතින් ප්‍රදානය කෙරිණි.

     

    ජාත්‍යන්තර රොටරි දිස්ත්‍රික් 3220 වැඩසටහනේ දිස්ත්‍රික් ආණ්ඩුකාර ගෞරි රාජන්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩල සභාපති රොහාන්ත අතුකෝරාල යන මහත්ම මහත්මීන් ඇතුළු ආයතන නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    qq2qq3qq4qq5

    qq6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya