ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකු විදේශ රටක අධිකරණයේ දී වරදකරුවෙකු වී මරණ දඬුවම නියම වුවහොත් එම පුද්ගලයාව මරණ දඬුවමින් නිදහස් කර ගැනීමට රජයක් වශයෙන් හැකි උපරිම දායකත්වය ලබාදෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.
රටකින් රටකට සිරකරුවන් හුවමාරු කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට මැදපෙරදිග රටවල් එකඟතාවයට පැමිණ නොමැති අතර එම රටවල්වල පවතින නීති පද්ධතිය මඟින් ඔවුන් ක්‍රියාත්මක කරනු ලබන මරණ දඬුවම පවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නොවේ.
ශ්‍රමිකයන්ගේ සිවිල් කටයුතු හා අපරාධ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කරන කරයි.
කෙසේ වෙතත් රටක් වශයෙන් යම් අපරාධකරුවෙකු බේරා ගැනීමට ප්‍රතිපත්තියක් නොමැති අතර කවුරුන් හෝ වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් කිරීම නීතිය ද වේ. එසේම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ලබන නීතිය වෙනත් රටක ක්‍රියාත්මක නොවන අතර එම රටවල ක්‍රියාත්මක කරනු ලබන නීති පද්ධති වෙනස් වේ.
DB