නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාවට එරෙහි පරීක්ෂණයකට ඉන්දියාවේ සහය නැහැ

    පෙබරවාරි 12, 2015
    ශී‍්‍ර ලංකාවට එරෙහි ව ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කිරීම සඳහා කිසිදු සහයක් ලබානොදෙන බව ඉන්දියාව අවධාරණය කරයි.
     
    ශී‍්‍ර ලංකාවට එරෙහි ව සිදුකෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණයකට සහය නොදීමට ඉන්දියාවේ නවදිල්ලි පරිපාලනය තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
     
    ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතු බවට පෙන්වාදී තිබෙන ඉන්දිය ජන සංහාරය ගැන සම්මත කරගත් යෝජනාව හේතුවෙන් යුද අපරාධවලට අදාළ ව ශී‍්‍ර ලංකාවට එරෙහි ව ඇමෙරිකාවේ අනුග‍්‍රහය යටතේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මස ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව අතර ගැටීමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දි තිබේ.
     
    2014 වසරේ දී ද ඇමෙරිකාවේ අනුග‍්‍රහය යටතේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවට ඉන්දියාව සහය දීමෙන් වැළකී සිටි අතර කෙසේ හෝ මෙම වාතාවරණය යටතේ ශී‍්‍ර ලංකාවට බලපෑම් කිරීම ගැන ඉන්දියාවේ දැඩි අවධානය යොමුව ඇති බව ද නව රජයට උතුරු පළාතේ ජනතාව වෙනුවෙන් සිය යුතුකම් කොටස ඉටුකිරීමට කාලය දියයුතු බවට නවදිල්ලි පරිපාලනයේ අදහස වී තිබෙන බවද කියා සිටී.
     
    ශී‍්‍ර ලංකාවේ නව රජය ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තාව තුළින් අපහසුතාවට පත් කිරීම අනුමත කළ නොහැකි බවද ඉන්දියාව පෙන්වා දෙයි.
     
    උතුරේ බහුතරයක් ද්‍රවිඩ ජනයා වෙසෙන ප‍්‍රදේශවල සංහිඳියාව හා පුනරුත්ථාපන කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ඉන්දීය සංචාරයේදී දැඩි අවධානයක් යොමුවනු ඇති බව ද එම වාර්තා සඳහන් කරයි. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya