එහිදී ඉන්දීය අත් අඩංගුවේ පවතින ශ්‍රී ලංකා යාත්‍රා 18ක් නිදහස් කිරීම සඳහාත්, ශ්‍රී ලංකා අත් අඩංගුවේ පවතින ඉන්දීය ධීවර යාත්‍රා 86ක් නිදහස් කිරීම සඳහාත් අවශ්‍ය විධිවිධාන පිළිබඳ සාකච්ඡා කෙරිණි. ලබන 18 වෙනි දින වන විට මෙම ධීවර බෝට්ටු නිදහස් කොට දෙරටෙහි පවතින මිත්‍ර සබඳතා ඉදිරියටත් පවත්වා ගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු තම කැපවීමෙන් සිදුකරන බවටත් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ඉන්දියානු උප කොමසාරිස් අරින්දම් බාචි මහතා ප්‍රකාශ කර සිටියේ, එතුමාගේ පාර්ශවයෙන් සිදුවිය යුතු සියලු ම නීති සහ සහකාර සේවා සියල්ල ලබා දෙන බවත්, ඉදිරියේදී මෙවන් ගැටලු මගහරවා ගැනීමට දීර්ඝ කාලින වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා බවත්ය.
NDH