ඒ අනුව රාජ්‍ය අංශයේ සේවයේ නියුතු නිලධරයන්ට දැනට ගෙවනු ලබන රුපියල් 3000ක දීමනාවට අමතර ව පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි තවත් රුපියල් 5000ක දීමනාවක් ගෙවනු ලැබේ. රාජ්‍ය අංශයේ නිලධරයන්ට ගෙවීමට යෝජිත මාසික රුපියල් 10,000ක දීමනාවෙන් ගෙවිය යුතු ඉතිරි මුදල වන රුපියල් 2000ක ප්‍රමාණය ලබන ජුනි මස සිට ගෙවීමට කටයුතු කෙරේ.
විශ්‍රාමිකයන්ට දැනට ගෙවනු ලබන රුපියල් 2500ක මාසික අන්තර් දීමනාවට අමතර ව අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි තවත් රුපියල් 1000ක දීමනාවක් ද ගෙවනු ලැබේ.
2014. 11.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 24/2014 හා 2014.12.31දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 24/2014(1) විධිවිධාන අනුව මෙම වැටුප් වැඩිවීම් සිදු කෙරේ.