මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 අය-වැය පනත් කෙටුම්පත වැඩි ඡන්ද 163කින් සම්මතයි Featured

    පෙබරවාරි 07, 2015

    අත්‍යවශ්‍ය ආහාර රැසකගේ මිල අඩු කර ජනතාවට සහන දීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද 2014 අය-වැය සංශෝධනය කරන පනත් කෙටුම්පත ( නව රජයේ අතුරු අයවැය) අද (07) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 163කින් සම්මත විය.


    මේ සංශෝධනය පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේ දී සලකා බලා සම්මත වූ බව කතානායක චමල් රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.


    දෙවැනි වර කියැවීමේ දී පනතට පක්ෂව ඡන්ද 164ක් ලැබුණු අතර  විපක්ෂව ඡන්ද 01ක් ලැබුණි. ද්‍රවිඩ ජාතික සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව රජයේ අතුරු අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළේ ය. විරුද්ධව ස්වාධීන මන්ත්‍රී  අජිත් කුමාර මහතා ඡන්දය ප්‍රකාශ කළේ ය.

    ගීතාංජන ගුණවර්ධන, චන්ද්‍රසිරි ගජදීර, වයි.ජී. පද්මසිරි, වීරකුමාර දිසානායක, විමල් වීරවංශ, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, දිනේෂ් ගුණවර්ධන, ශ්‍රියානි විජේවික්‍රම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය පැවති අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

    ඒ අනුව නව රජයේ මංගල අතුරු අයවැය වැඩි ඡන්ද 163කින් සම්මත විය. ඡන්ද විමසීමේ දී විපක්ෂයේ බහුතර සහය නව රජයේ අතුරු අයවැය සම්මත කිරීම සඳහා ලැබිණි. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා සහය දුන් සැමට ස්තූතිවන්ත වන බවත් මෙය අලුත් දේශපාලන සංස්කෘතියක් බවත් පැවසී ය.

    පසුගිය රජය අයවැය මඟින් අමාත්‍යාංශ 60කට ප්‍රතිපාදන වෙන් කර තිබුණි. ඒවා නව රජය යටතේ අමාත්‍යාංශ 31 හා රාජ්‍ය අමාත්‍යාංශ 10ක් වශයෙන් අඩුකර ඇති බැවින් එම ප්‍රතිපාදන එම අමාත්‍යාංශවල විෂය පථයන්ට අනුකූල වන පරිදි ප්‍රතිපාදන වෙන් කිරීමටත් නව රජයේ දින 100 ක්ෂණික, සහන වැසටහන් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම පිණිසත් 2014 අංක 41 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම මෙහිදී සිදු වේ. ඒ සඳහා  පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ද ලැබිණි.

    පසුගිය රජයට පාර්ලිමේන්තුවේ ආසන 161ක් තිබිණ. එහෙත් නව රජයේ විසර්ජන සංශෝධණ කෙටුම්පතට පක්ෂව ඡන්ද 164ක් ලැබීම විශේෂත්වයකි. මෙය 2/3කට වඩා වැඩි ඡන්දයකි.

     

    PR/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya