ඒ අනුව ලබන 20දා සිට ටෙලිකොම් පියෝටීවී ජාලයේ 92 වන චැනලය ඔස්සේ පාර්ලිමේන්තු රැස්වීම් සජීවී ව නැරඹිය හැකිය.
මෙයට පෙර පාර්ලිමේන්තු රැස්වීම් සජීවි ලෙස විකාශය කළ ද ඇතැම් මන්ත්රීවරුන් එයට විරුද්ධ මත ප්රකාශ කිරීම හේතුවෙන් එම සජීවි විකාශය කථානායකවරයා විසින් අත්හිටුවන ලදී.
පාර්ලිමෙන්තු ක්රීඩාංගණය අසල සවි කර ඇති පුළුල් රූපවාහිනී යන්ත්රය ඔස්සේ ද පාර්ලිමේන්තුවේ කටයුතු සජීවි ව විකාශනය කළේය.
DB