අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගියදා සිදු වූ වැලිකඩ ගැටුම සම්බන්ධ ත්‍රිපුද්ගල කමිටුව වැඩ අරඹයි

    පෙබරවාරි 06, 2015
    2012 නොවැම්බර් 11 වැනි දින වැලිකඩ බන්ධනාගාරයේ දී සිදු වූ ගැටුම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාකර බලා වාර්තා කිරීම සඳහා පත්කරන ලද ත්‍රිපුද්ගල කමිටුව අද (06) පෙරවරුවේ එම සිද්ධිය සිදු වූ ස්ථානය පරීක්ෂා කර ඇත.
     
    අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් අදාළ ගැටුම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාකර බලා වාර්තා කිරීම සඳහා මේ ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන ලදී. එහි සභාපති ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතා කටයුතු කරනු ඇත.
     
    විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජයතිලක සහ විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරී එන්.කේ. ලියනගේ යන මහත්වරුන්ගෙන් ද මේ ත්‍රිපුද්ගල කමිටුව සමන්විත වේ.
     
    මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ඇතුළු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya