මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිගරැට් පැකැට්ටුවේ රූපමය අවවාද 80% දක්වා වැඩිකිරීමේ රෙගුලාසි පාර්ලිමේන්තුවට - සෞඛ්‍ය ඇමති Featured

    පෙබරවාරි 07, 2015

    දුම්කොළ හා මධ්‍යසාර පනත යටතේ සිගරුට් පැකැට්ටුවේ රූපමය අවවාද 80%ක් දක්වා වැඩි කිරීම සඳහා වන රෙගුලාසිය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරේ.


    මහාචාර්ය සේනක බිබිලේ ප‍්‍රතිපත්තිය අනුව යමින් ක‍්‍රියාත්මක කිරීමට නියමිත ඖෂධ පනත ඊයේ (05) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. දුම්කොළ හා මධ්‍යසාර පනත අනුව සිගරැට් පැකැට්ටුවේ රූපමය අවවාද 80% දක්වා වැඩිකිරීම සඳහා වන රෙගුලාසිය 07දා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව ඇති බවත් ඉන් අනතුරුව එළැඹෙන පාර්ලිමේන්තු සභා වාරයේදී මෙම ඖෂධ පනත් කෙටුම්පත ද සභාගත කිරීමට නියමිත බවත් ඒ මහතා පැවසීය.


    ඉකුත් 2014 වර්ෂයේ දී සිගරැට් පෙට්ටියේ 80%කින් දුම්බීමේ ආදීනව පෙන්වා දෙන රූපමය අවවාද තිබිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කළ ද එයට විරුද්ධව ලංකා දුම්කොළ සමාගම විසින් අභියාචනාධිකරණයේ ගොනුකළ පෙත්සමක් හේතුවෙන් එය 60%ක් විය යුතු බව අභියාචනාධිකරණය විසින් තීන්දු කරන ලදී.

    2005 වසරේ දී ඖෂධ පනතක් ගෙන ඒම සඳහා තීන්දුවක් ගත් අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය සංදේශය සකස් කරන ලද්දේ 2009 වසරේදීය. මේ සඳහා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ද සහය හිමි වී ඇත.

    සිගරැට් පැකැට්ටුවේ 80%ක ඉඩ ප්‍රමාණයක රූපමය අවවාද පළ කිරීම සඳහා අවශ්‍ය නීති ගෙන එන බවට ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා කියා තිබිණ. මැතිවරණ සමයේ ජනතාවට ලබා දුන් පොරොන්දු පරිදි ඖෂධ ප්‍රතිපත්තිය මෙන් ම සිගරැට් පැකැට්ටුවේ රූපමය අවවාද 80%කින් වැඩි කිරීමට ද නව රජයට හැකි වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya