ශ්‍රී ලංකාවේ ඉරාන ආරක්ෂක උපදේශකවරයා ලෙස ක්‍රියා කරනු ලබන කර්නල් ඊබ්‍රාහිම් රොහනි මහතා ( Col. Ebrahim Rohani) සහ මාලදිවයින් ආරක්ෂක උපදේශක ලුතිතන් කර්නල් අහමඩ් ගියාස් මහතා (Lt. Col. Ahmed Ghiyas ) ඊයේ (05) ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී ආරක්ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතා මුණගැසිණි.
මෙහිදී ආරක්ෂක ලේකම්වරයා හා ආරක්ෂක උපදේශකවරුන් අතර ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් කෙටි සුහද සාකච්ඡාවන් පැවැත්විණි.
මෙම සාකච්ඡාවන් අවසානයේ දී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ආරක්ෂක උපදේශකවරුන් ආරක්ෂක ලේකම්වරයා වෙත සිහිවටන තිළිණ පිළිගන්වන ලදී.
DB