එහිදී එම කාර්යයේ නිරත නිලධාරීන් හමු වූ අමාත්‍යතුමා එහි ප්‍රගතිය විමසා බැලූ අතර ඒ සම්බන්ධයෙන් ඔවුනට තවදුරටත් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.
මෙම නිරික්ෂණ චාරිකාවට ප්‍රථම ආරක්ෂක අමාත්‍යශයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් අකුරේගොඩ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සිදුකරන ලද ඉදිරිපත් කිරිමකට ද අමාත්‍යවරයා සහභාගි විය.
මෙම සංකීර්ණයේ වැඩකටයුතු නිමාවීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යශය, යුද, නාවික හා ගුවන් හමුදාවල මූලස්ථානයන් එකම ස්ථානයක කේන්ද්‍රගත වනු ඇත. ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සමඟ මෙහි ඉදිකිරීම් කරනු ලබන්නේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම කාර්යංශය විසිනි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදාපතිවරුන් ද සහභාගී වූහ.
DB