පැහැදිලිවම කළ යුතු වැඩ කටයුතු රැසක් ඇතැයි සඳහන් කරන දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය අභියෝග ආමන්ත‍්‍රණය කිරීමට හා සිය සැබෑ ශක්‍යතාවන් සාක්‍ෂාත් කර ගැනීමට ශ‍්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් ක‍්‍රියාකිරීමට ඇමරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වන බව කියා සිටින්නීය.
ජනවාරි 8 වනදා පැවති ඓතිහාසික මැතිවරණයෙන් පසු උදා වී ඇති උත්තේජනයේ හා සුබවාදයේ හැඟීම අත්විඳීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණීමට ලැබීම භාග්‍යයක් යැයි සිය ශ‍්‍රී ලංකා සංචාරය නිමකරමින් බිස්වාල් මහත්මිය සඳහන් කර ඇත .
දකුණු ආසියානු සහකාර රාජ්‍ය ලේකම් අතුල් කෙශප් මහතා සමඟ ශ‍්‍රී ලංකාවට පැමිණි සහකාර රාජ්‍ය ලේකම්වරිය ශ‍්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් හා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන ඇතුළු දේශපාලන නායකයන් හා සිවිල් සමාජ නියෝජිතයන් ගණනාවක් හමු වූවාය.
ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් පසු මෙරටට පැමිණි ඉහළම පෙළේ එක්සත් ජනපද නියෝජිත කණ්ඩායම ද මෙය වේ.
NDH/priu