නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

    පෙබරවාරි 05, 2015
    ඖෂධ වෙළෙඳපොලේ විප්ලවීය වෙනසක් සිදු කෙරෙන ජාතික ඖෂධ ප්‍රතිපත්ති කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අද (05) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයක දී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත මෙම ඖෂධ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේ සම්මත වීමත් සමඟ වෛද්‍යවරයෙකු විසින් සෑම ඖෂධ වර්ගයක් ම විවිධ සමාගම් නාමයෙන් නොව ඖෂධ නාමයෙන් ලිවිය යුතු ය.
     
    මේ හරහා ජනතාවට දෙවරක දී ඖෂධ මිල අඩු වෙනු ඇත. ඒ ඖෂධ නාමයෙන් මිලදීගැනීම් සිදු කරන අවස්ථාවේ දී මෙන් අපනයන කටයුත්තේ දී ය. සියලු වෛද්‍ය සංගම් මෙම කෙටුම්පත සඳහා කැමැත්ත පළ කොට ඇති අතර පනත සම්මත වීමෙන් අනතුරුව ඒ වන විට මෙරටට ගෙන්වා ඇති ඖෂධ තොග අවසන් කරගැනීම සඳහා ඖෂධ සමාගම් වෙත නියමිත කාලයක් ලබාදෙනු ඇත.
     
    වෙළෙඳ ආර්ථිකයන් පවතින ඇමෙරිකාවේ මෙන් ම එංගලන්තය වැනි රටවල ද 80%ක් භාවිත කරනු ලබන්නේ ඖෂධ නාමය වේ. 
     
    සේනක බිබිලේ ප්‍රතිපත්තිය අදට ගැළපෙන ආකාරයට යම් යම් සංශෝධන සිදු කොට මෙවර කෙටුම්පත සකස් කොට ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya