ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 323.00කි. එය පසුගිය ජනවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 304.83ක් විය.
ආර්.එස්.එස්. 02 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 315.00ක් වූ අතර එය පසුගිය ජනවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 297.25ක් විය.
ආර්.එස්.එස්. 03 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 312.00ක් වූ අතර එය පසුගිය ජනවාරි මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 282.00ක් විය.
ආර්.එස්.එස්. 04 සහ ආර්.එස්.එස්. 05 වර්ග ඊයේ දින කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් නොවුණ බව ද සැලසුම් අධ්‍යක්ෂවරයා පැවසීය.
මීළඟ රබර් වෙන්දේසිය ලබන 10 දින පැවැත්වීමට නියමිතය.
එතෙක් රබර් සඳහා කිලෝ ග්රූම් 01කට රුපියල් 350.00ක සහතික මිලක් නිෂ්පාදකයාට දෙන බවට රජය විසින් අතුරු අයවැය මඟින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව වෙළෙඳ හිමියා, කුඩා රබර් හිමියන්ගෙන් රජයේ සහතික මිල යටතේ එම රබර් මිලදී ගත යුතුයි. එසේ මිලට ගන්නා රබර් සඳහා වෙළෙඳ හිමියා ගෙවනු ලබන වැඩි මුදල රජය මඟින් ඔවුන් වෙත ලබා දෙනු ඇත.
NDH